රුසියාවේ න්‍යෂ්ටික ටෝපිඩෝව හෙළිවෙයි


රුසියාවේ දිගුදුර න්‍යෂ්ටික ටෝපිඩෝ අවියේ රහසිගත සැලසුම් එරට රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක ඉදිරිපත් කිරීම සිදුනොවිය යුතුව තිබූ බව ක්‍රෙම්ලීනය පවසයි.

'ස්ටේටස් - 6' නමින් හඳුන්වන මෙම ටෝපිඩෝ අවිය පිළිබඳව 'චැනල් වන්' රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූයේ ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සෝචි නුවරදී හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පවත්වන අතරවාරයේදීය.

එහිදී, එක් හමුදා ජෙනරාල්වරයෙකු මෙම ටෝපිඩෝ අවිය දැක්වෙන සැලැස්මක් අතින් ගෙන පැහැදිලි කිරීමක් සිදුකරනු දක්නට ලැබෙයි.

සබ්මැරීනයක සිට ක්‍රියාත්මක කෙරෙන මෙම ටෝපිඩෝව පුළුල් පරාසයක් තුළ විකිරණශීලීත්වයක් පැතිරීමේ ශක්තියෙන් යුතු වෙයි.



Recommended Articles