රුසියානු හිතවාදීන් යුක්රේන දේශපාලඥයෙකු මරා දමලා?


යුක්රේනයේ ප්‍රාදේශීය දේශපාලඥයෙකු ඇතුළු තවත් අයෙකු වධහිංසනයට ලක්කර මරා දමා තිබියදී සොයා ගැනීමත් සමගම නැගෙනහිර යුක්රේනයේ සිටින රුසියානු හිතවාදී සටන්කාමීන්ට එරෙහිව නැවතත් හමුදා මෙහෙයුමක් ඇරඹීමට එරට වැඩබලන ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඔල්ක්සැන්ඩර් ටර්චිනෝව් පවසා සිටින පරිදි මරා දමන ලද ප්‍රාදේශීය දේශපාලඥයාගේ සිරුර හමුවී තිබෙන්නේ රුසියානු හිතවාදී සටන්කාමීන් විසින් අත්පත් කරගෙන සිටින ස්ලෝවියාන්ස්ක් ආසන්නයේදීය.

එම සිදුවීමත් සමග ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ මේ ත්‍රස්තවාදී ක්‍රියාවන් තවත් දුර යන තුරු බලාසිටිය නොහැකි බවය.

මේ අතර, ඇමෙරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් කියෙව් නගරයේදී යුක්රේනයේ නව නායකයන් මුණ ගැසීමට පැමිණ සිටීමෙන් යුක්රේන ජනාධිපතිවරයාගේ හඬ තවත් තීව්‍ර වී තිබේ.

එමෙන්ම, ඇමෙරිකානු උප ජනාධිපතිවරයාගේ මෙම සංචාරය එරට අන්තර්වාර රජයට ඇමරිකාවේ සහාය දැක්වීම අරමුණු කරගත් එකක් ලෙසද සැලකෙයි.



Recommended Articles