ඉන්දීය රෝහල් තුළ රුධිර පාරවිලයනයේදී එච්.අයි.වී. වෛරසය ශරීරගත වූ පුද්ගලයන් පසුගිය මාස 17 පුරාවට 2,234 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉන්දියාවේ ජාතික ඒඩ්ස් පාලන සංවිධාන දත්ත මෙම තොරතුරු අනාවරණය කරන අතර, එරට දත්ත පිළිබඳ ක්‍රියාධරයෙකු වූ චේතාන් කොතාරි විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බලමින් ඔවුන් මෙය අනාවරණය කර තිබේ.
එමෙන්ම, ඉන්දියාව තුළ මේ වනවිට එච්.අයි.වී. ඒඩ්ස් ආසාධිතයන් මිලියන දෙකකට වැඩි පිරිසක් සිටින බවද ඔවුන් පෙන්වා දෙයි.
එහිදී, රුධිර පාරවිලයනය හේතුවෙන් වැඩිම පිරිසක් එච්.අයි.වී. ආසාධිතයන් බවට පත්ව ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වන අතර, එහි මෙවැනි සිදුවීම් 361 ක් වාර්තා වී තිබේ.
එමෙන්ම, බටහිර ගුජරාට් ප්‍රාන්තයෙන්ද සිදුවීම් 292ක් වාර්තා වන අතර, මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙන් සිදුවීඹ් 276 ක් වාර්තා වේ.
මීට අමතරව, ඉන්දියාවේ අගනගරය වන දිල්ලියෙන් සිදුවීම් 264ක් වාර්තා වන බවද අනාවරණය වෙයි.