දැවැන්ත ඇනකොන්ඩා සර්පයෙකුගේ හදවතට සමීපව පැවති ගෙඩියක් ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කිරීමට තායිලන්ත පශු වෛද්‍යවරු පිරිසක් කටයුතු කර තිබේ.
පැය හතක් පුරා පැවති සංකීර්ණ ශල්‍යකර්මයකින් මෙම ගෙඩිය කපා ඉවත් කර ඇති අතර, ඒ කාලය තුළ එම සත්වයා නිර්වින්දනය කර තිබූ බවද වෛද්‍යවරු පවසයි.
සර්පයාගේ උඩු හම කැපීමෙන් පසුව උගේ උදර කුහර බිත්තියද ඉතා සියුම් ලෙස කැපූ වෛද්‍යවරු ශරීර අභ්‍යන්තරයේ පැවති ගෙඩිය වෙත ළඟා වී තිබේ.
එහිදී, මෙම ගෙඩියෙන් ලබාගත් පටක සාම්පලයක් විශේෂ පරීක්ෂාවකට පවා යොමුකර තිබුණේ මෙම සත්වයා පිළිකාවකින් පෙළුණේද යන්න සොයා බැලීමටයි.
පශුවෛද්‍යවරු පවසන ආකාරයට මෙම ඇනකොන්ඩා සර්පයා කිලෝ ග්‍රෑම් 52ක පමණ බරකින් යුතු සත්වයෙකු වන අතර, ශල්‍යකර්මයෙන් පසු එම සත්වයා ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවද විදෙස් වාර්තා පවසයි.