අයර්ලන්තයේ ඇපල් සමාගමෙන් බදු වශයෙන් යූරෝ බිලියන 13ක මුදලක් අයකර ගැනීම සඳහා යුරෝපා කොමිසම තීන්දු කර තිබේ.
ඇමෙරිකානු ඇපල් සමාගම වෙත අයර්ලන්තය විසින් ලබාදී තිබූ බදු සහන නීති විරෝධී බව පවසමින් වසර තුනක් පුරා දිග්ගැස්සුණු පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස යුරෝපා කොමිසම මෙම තීන්දුවට පැමිණ තිබේ.
ලෝකයේ සෙසු රටවලට වඩා අඩු බදු මුදලක් යටතේ මෙම සමාගමට කටයුතු කිරීමට අවස්ථාව ලබාදී තිබූ බවත්, ඔවුන් ගෙවා ඇත්තේ 1% ක පමණ බදු ප්‍රතිශතයක් පමණක් බවත් එහිදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, යුරෝපා කොමිසමේ මෙම තීන්දුව ඇපල් සමාගම මෙන්ම, අයර්ලන්තයද අභියෝගයට ලක්කර ඇති අතර, ඊට එරෙහිව අභියාචනායක් ඉදිරිපත් කරන බවද පවසා තිබේ.