යුරෝපය බෙදීම භයානක බව මහ රැජින කියයි


සිව්දින නිල සංචාරයක් සඳහා ජර්මනියට ‍ගොස් සිටින බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින ජර්මානු හා බ්‍රිතාන්‍ය නායකයන් ඉදිරියේ යු‍රෝපයට අවශ්‍ය සමගිය අවධාරණය කරයි.

ජර්මනියේ බර්ලීන් නුරවදී රැජන වෙනුවෙන් පැවැත්වූ රාජකීය භෝජන සංග්‍රහයක් අතරතුර කතා කරමින් රැජින මෙම කරුණු අවධාරණය කරමින් පවසා ඇත්තේ, යුරෝපයේ බෙදීම අතිශය භයානක බවයි.

ඇය මෙම ඓතිහාසික කතාව සිදුකරන අවස්ථාවේදී ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මෙන්ම බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද එහි සිට ඇති අතර, ඔවුන් දෙදෙනාම යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය හා ජර්මානු සාමාජිකත්වයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කතා කරන නායක දෙපළකි.

කෙසේ වෙතත්, රැජිනගේ මෙම ප්‍රකාශයෙන් පසුව නිවේදනයක් නිකුත් කර ඇති බකිංහැම් මාලිගය පවසා ඇත්තේ රැජිනගේ අදහස් යුරෝපා සංගමය පිළිබඳ කැමරන් අගමැතිවරයාගේ අරමුණු ඉලක්ක කර දැක්වූ අදහසක් නොවන බවයි.

මීට පෙර මාර්කෙල් හා කැමරන් බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගම් සමුළුවට සහභාගි වී සාකච්ඡා පවත්වා තිබුණි.

 


Recommended Articles