යුරෝපයට ප්‍රහාර එල්ල කිරීමේ ජිහාඩ් සැලසුමක්


යුරෝපා රටවල් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සකස් කරන ජිහාඩ් අන්තවාදීන් 17 දෙනෙකු පිළිබඳ ඉතාලි පොලීසිය අනාවරණය කරයි.

මේ අතර, ඉතාලියේදී සැකකරුවන් 6 දෙනෙකු, බ්‍රිතාන්‍යයේදී සැකකරුවන් 4 දෙනෙකු සහ නෝර්වේ රාජ්‍යයේදී සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර, සෙසු සැකකරුවන් සිරියාවට හෝ ඉරාකයට පැනගොස් ඇති බවද පොලීසිය කියයි.

මොවුන්ගේ සැලසුම් අතර දැනටමත් නෝර්වේ රාජ්‍යයේ සිරභාරයේ සිටින මුල්ලාහ් ක්‍රෙකර් නමැති ජිහාඩ් අන්තවාදියා බේරාගැනීමද පැවති බව කියයි.

මොහු ඉරාකයේ කුර්දි අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන අන්සාර් අල්-ඉස්ලාම් සංවිධානයේ ප්‍රාරම්භකයා ලෙස සැලකෙයි.

ඒ අනුව, ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා මොවුන් නෝර්වේ ඇතුළු යුරෝපා රටවල් කිහිපයකටම ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටි බවද ඉතාලි පොලීසිය කියයි.



Recommended Articles