යුක්රේනයේ වෙඩි තැබීම් ගැන දෙපාර්ශ්වය කතා දෙකක


නැගෙනහිර යුක්රේනයේ සිදුවූවා යැයි කියන දරුණු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් යුක්රේන ජාතිකයන්ට චෝදනා එල්ල කිරීමට රුසියානු විදේශ අමාත්‍යාශය කටයුතු කර තිබේ.

රුසියානු රජයේ මාධ්‍ය පෙන්වාදෙන පරිදි රුසියානු හිතවාදීන් ඉලක්කකර එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් වෙනස් මතයක් දරණ යුක්රේනය පවසා සිටින්නේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

රුසියානු හිතවාදී කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින යුක්රේන රජයේ ගොඩනැගිලි නැවත අත්පත් කරගැනීමේ ප්‍රයත්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව කියැවෙයි.

යුක්රේනයේ ඇතිවී තිබෙන මෙම අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් රුසියාව, යුක්රේනය, ඇමෙරිකාව හා යුරෝපා සංගමය එක්ව ලබන බ්‍රහස්පතින්දා සාකච්ඡාවක් පැවැත්වීමට එකඟත්වය පළ කර ඇති වාතාවරණයක මෙම සිදුවීම ඇතිවී තිබේ.

මෙම සිදුවීම්වලට රුසියාව වගකිව යුතු බවත්, ඔවුන්ගේ අනුදැනුම මත මෙසේ යුක්රේනය ආක්‍රමණය සිදුවන බවත් යුක්රේනය චෝදනා කරද්දී, රුසියාව ඒ චෝදනා ප්‍රතික්ෂේප කරමින්, මෙම සිදුවීම් යුක්රේනයේ සිටින රුසියානු කතාකරන ජනතාවගේ නැගිටීමක් පමණක් බව අවධාරණය කරයි.



Recommended Articles