මියන්මාර ජනපති බල හුවමාරුවට සූදානම්


මියන්මාර මහ මැතිවරණයෙන් අවුන්ග් සාන් සුකීගේ විපක්ෂය ජයග්‍රහණය කිරීමත් සමග ඝට්ටනයකින් තොර බල හුවමාරුවකට සූදානම් බව එරට ජනාධිපති තෙයින් සෙයින් පවසයි.

දේශපාලන නායකයන් රැස්වූ හමුවකදී ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේ යැන්ගොන් නුවරදීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලිගය මෙවර මැතිවරණයෙන් 80% ක් පමණ ආසන හිමි කරගෙන ඇති අතර, තවදුරටත් නිකුත් වීමට ඇත්තේ ආසන කිහිපයක අවසන් ප්‍රතිඵල පමණකි.

මෙම බල හුවමාරුව සිදුවූ විට වසර 50ක් පැරණි හමුදා පාලනයකින් සහාය ලැබූ මියන්මාර දේශපාලනය අවසන් වනු ඇත.



Recommended Articles