මාලේ රූපවාහිනියට පොලීසිය කඩා පනී


මාලදිවයිනේ පෞද්ගලික රූපවාහිනී ආයතනයකට පැමිණි පොලීසිය ජනාධිපති අබ්දුල්ලා යමීන් වෙත අනතුරු අඟවන දර්ශනයක් රැගත් වීඩියෝවක් රැගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි සන්ගු ටීවී ආයතනයට මෙසේ පොලීසිය ඇතුළු වී තිබේ.

මෙම වීඩියෝවේ මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් තිදෙනෙකු ජනාධිපතිවරයාට මරණීය තර්ජන එල්ල කරන දර්ශන පැවති බව කියයි.

පසුගිය බදාදා ජනාධිපතිවරයා රට තුළ මසක හදිස් තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ, ජනාධිපති මන්දිරය ආසන්නයේ බෝම්බයක් සහිත වාහනයක් හමුවූ බව පවසයි.

මේ වනවිට, මාලදිවයිනේ දේශපාලන ව්‍යාකූලත්වයක් හටගෙන ඇති අතර, එරට උප ජනාධිපතිවරයාවද මීට පෙර අත්අඩංගුවට ගැනුණේ ජනාධිපති යමීන් ඝාතන තැතක් ගෙනහැර දක්වමිනි.



Recommended Articles