මාලි ඉබෝලාවලින් නිදහස් බව කියයි


මාලි රාජ්‍යය මේ වනවිට ඉබෝලා වෛරසයෙන් නිදහස් වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

දින 42ක කාලයක් වෛරසය පිළිබඳ අලුත් සිදුවීමක් වාර්තා නොවීම තුළ තම රට වෛරසයෙන් නිදහස්ව ඇති බව හෙතෙම පවසයි.

ඉබෝලා වෛරසයට ගොදුරු වූ මාලි රාජ්‍යයේ අවසන් රෝගියාත් පසුගිය දෙසැම්බර් මාසයේදී ප්‍රතිකාර ලබා සුවවීමෙන් පසු රෝහලෙන් නික්ම ගොස් ඇත.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුවද ඉබෝලා වෛරසයට බරපතල ලෙස ගොදුරු වූ බටහිර අප්‍රිකානු රටවලද නව ඉබෝලා රෝගීන් පිළිබඳ වාර්තාවීම් අඩුවෙමින් පවතී.



Recommended Articles