22 හැවිරිදි වියේ පසුවන ජස්ටින් බීබර් පසුගියදා දැඩි අපහසුතාවකට පත්ව තිබුණේ, තමා හදිසියේ පැමිණි අවන්හලකදී ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් එක ප්‍රතික්ෂේප වීම නිසයි.
බිබර්ගේ වත්මන් පෙම්වතිය වන සොෆියා රිචී (ප්‍රකට ගායක ලයනල් රිචීගේ දියණිය) මෝටර් රථයේ සිටියදී සැන්ඩ්විච් ගැනීමට පැමිණි බීබර් බේරාගැනීමට අවසානයේදී ඔහුගේ රසිකයෙකුටම සිදුවූ අපූරු පුවතක් එහි කියැවෙයි.
එහිදී, බීබර් සැන්ඩ්විච් මිලදී ගැනීමෙන් පසුව ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පත දිගින් දිගටම ප්‍රතික්ෂේප වීම නිසා, එම අවන්හලේම පෝලිමේ රැඳි අයෙකු වහාම ඉදිරිපත්ව ඔහුගේ බිල ගෙවා නොදැමීමට, මේ වනවිටත් බීබර් එම අවන්හලේ පිඟන් සෝදමින් සිටින්නට ඉඩ තිබුණි.
බටහිර ලෝකයේ තරුණියන් අතර උන්මාදයක් බවට පත්ව ඇති බීබර් නිරන්තරයෙන් පෙම්වතියන් මාරු කරන්නෙකු ලෙස ප්‍රකටය.