බ්‍රසීල බන්ධනාගාර ගැටුම නිසා රැඳවූවන් 26 ක් නසි


බ්‍රසීලයේ සිර කඳවුරක සිරකරුවන් පැය 14ක් පුරා ගෙනගිය කලහයක් නිසා ඊට සහභාගී වූ රැඳවූවන් 26 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මුලින් වාර්තා වූ ප්‍රමාණයට වඩා මරණ සංඛ්‍යාවේ තුන් ගුණයක වර්ධනයක් පවතින බවද විදෙස් වාර්තා පවසයි.

සෙනසුරාදා සවස් කාලයේදී කලහය ආරම්භ වී තිබූ අතර, අල්කකූසා සිරකඳවුරේ සිරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ මෙම කලහය පසුගියා සවස් වනතුරුම පැවති බව කියැවෙයි.

එමෙන්ම, ඇතැම් සිරකරුවන් සිද්ධිය වූ ස්ථානයෙන් පළාගොස් ඇති බවද එරට මාධ්‍ය වාර්තා මුලින් වාර්තා කළද, කිසිවෙකුට පැන යාමට හැකියාවක් නොවූ බව බන්ධනාගාර බලධාරීහු පවසති.

 



Recommended Articles