බ්‍රසල්ස් පොලිස් ප්‍රධානියා සිහිසුන් කරවූ ප්‍රහාරයක්


බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පැවති උද්ඝෝෂණයක් විසුරුවීමට ගිය බ්‍රසල්ස් පොලිස් ප්‍රධානියාට විරෝධතාකරුවෙකුගෙන් එල්ල වූ මුෂ්ටි ප්‍රහාරයක් හේතුවෙන් ඔහු සිහිසුන් වී තිබේ.

පියරේ වැන්ඩර්ස්මිස්න් නමැති පොලිස් ප්‍රධානියා විරෝධතාකරුවන්ට ගම්මිරිස් ප්‍රහාරයක් එල්ල කිරීමට යන අවස්ථාවේදී එක් විරෝධතාකරුවෙකු ඔහුගේ හිසට මෙම මුෂ්ටි ප්‍රහාරය එල්ල කර ඇත.

ඔහුට මෙම ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව එම පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයෙන් පලාගොස් ඇති අතර, පොලිස් ප්‍රධානියා මහ පාර මැද හැලහොල්මනක් නොමැතිව වැටී සිටියදී සෙසු පොලිස් නිලධාරීන් වහා ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.



Recommended Articles