බංග්ලාදේශ ෂියා දේවස්ථානයක විවෘත වෙඩි තැබීමක්


බංග්ලාදේශයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක සිදුවූ ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් භාරගෙන ඇත.

මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබුණි.

වයඹදිග බොග්රා පළාතේ පිහිටි ෂියා පල්ලියේ සවස ආගමික වතාවත් සිදුවන අවස්ථාවේදී පැමිණි නාඳුනන පුද්ගලයෙකු විවෘත වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

කෙසේ වෙතත්, බංග්ලාදේශය රජය අවධාරණය කරන්නේ මෙය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ නොව, රටේ ක්‍රියාත්මක අන්තවාදී මුස්ලිම් කොටස්වල ප්‍රහාරයක් බවයි.

එය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයට බැරකර රට තු අනවශ්‍ය භීතියක් ඇති කිරීමට කටයුතු කරන බවද එරට රජය අවධාරණය කරයි.



Recommended Articles