බංග්ලාදේශ ඉස්ලාමියා නායකයෙක් එල්ලා මරා දැමෙයි


බංග්ලාදේශය පාකිස්ථානයෙන් නිදහස ලැබූ 1971 යුධ සමයේ යුධ අපරාධ සිදුකළේ යැයි චෝදනා ලබමින් එරට ජමාත්-ඉ-ඉස්ලාමියා පක්ෂයේ මොහොමඩ් කම්රුස්සාමාන් ඩකා සිර මැදිරියකදී එල්ලා මරා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

යුධ අපරාධ පිළිබඳ විනිශ්චය සභාව විමින් 2013 මැයි මාසයේදී කම්රුස්සාමාන් වැරදිකරු බව ප්‍රකාශ කරමින් මරණීය දඬුවම ඔහුට පැනවීය.

සිවිල් වැසියන් 120 නෙකු ඝාතනය කිරීමේ චෝදනා 62 හැවිරිදි වියේ පසුවූ කම්රුස්සාමාන් වෙත එල්ල වී තිබුණි.

එමෙන්ම, බංග්ලාදේශ ජනාධිපතිවරයාගෙන් සමාවක් ලබාගැනීමද ඔහු ප්‍රතික්ෂේප කර තිබුණු බව පැවසෙයි.

ජමාත්-ඉ-ඉස්ලාමියා පක්ෂයේ තෙවැනි ජ්‍යෙෂ්ඨතමයා ලෙස සැලකෙන කම්රුස්සාමාන්, යුධ අපරාධ සම්බන්ධයෙන් එරටදී එල්ලා මැරුණු දෙවැනි චූදිතයා බව පැවසෙයි.



Recommended Articles