පාකිස්තානයේ හිටපු හමුදා පාලකයාට රාජද්‍රෝහී චෝදනා


පාකිස්තානයේ හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ් වෙත එරට අධිකරණයක් විසින් රාජද්‍රෝහී චෝදනා ගොනුකර ඇති බව වාර්තා වෙයි.

පාකිස්තානය තුළ එවැනි චෝදනාවකට ලක්වූ ප්‍රථම හමුදා නායකයා මුෂාරෆ් බවද වාර්තා වෙයි.

නිතිවිරෝධී ලෙස එරට ව්‍යවස්ථාව අත්හිටුවීම හා  හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

කෙසේ වෙතත් මුෂාරෆ් පවසන්නේ තමන් නීතියට පටහැනිව කටයුතු නොකළ බවය. මෙම චෝදනා දේශපාලනික හස්තයන් තුළින් ක්‍රියාත්මක වන චෝදනාවන් බවද හෙතෙම පවසයි.

කෙසේ වෙතත්, මෙම චෝදනාව ඔප්පු වුවහොත් ඔහුට මරණ දඬුවමට මුහුණදීමට සිදුවනු ඇත.

පර්වේස් මුෂාරෆ් 2001 සිට 2008 දක්වා කාලය පාකිස්ථානයේ ජනාධිපති ධුරය හෙබවූ අතර, ඔහු එරට දීර්ඝ කාලයක් ජනාධිපති ධුරය හෙබවූ නායකයන් අතර සිටියෙකු බවද පැවසිය යුතුය.



Recommended Articles