පාකිස්තාන අධිකරණයක ප්‍රබල බෝම්බ පිපිරීමක්


පාකිස්තානයේ ඉස්තාම්බුල් අගනුවර දිස්ත්‍රික් අධිකරණ සංකීර්ණයක් ආසන්නයේ පුපුරාගිය ප්‍රබල බෝම්බ ප්‍රහායරක් හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙම බෝම්බ ප්‍රහාරයට පෙර අධිකරණ ශාලාවට ඇතුළු වූ තුවක්කුකරුවෙකු දිගට හරහට වෙඩි තැබීම් සිදුකර ඇති අතර, පසුව මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු විසින් මෙම බෝම්බ ප්‍රහාරය දියත් කර ඇති බව පැවසෙයි.

මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අධිකරණයේ රාජකාරී කරමින් සිටි විනිසුරුවරයා ඇතුළු තවත් නීතිඥයන් පිරිසක්ද මරණයට පත්ව ඇති අතර, තවත් 24 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම මේ වනවිටත් කිසිවෙකු භාරගෙන නොමැති බව පැවසෙයි.

 



Recommended Articles