ප්‍රථම සිරියානු සරණාගත පිරිස ඔස්ට්‍රේලියාවට


සිරියානු අර්බුදය හෙතුවෙන් ඔස්ට්‍රේලියාවට බාරගැනීමට එකඟ වූ සරණාගතයන් 12,000න් ප්‍රථම සරණාගතයන් පස් දෙනා එරටට ළඟා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, දරුවන් තිදෙනෙකු සමග අඹු සැමි යුවලක් පර්ත් නගරයට පැමිණ ඇති අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්ව පැවති නිසා ඔවුන්ට ඉක්මණින් අවශ්‍ය පහසුකම් සලසා ඇති බව කියැවෙයි.

යුරෝපය වෙත ඇදී එන සරණාගත උදම් රළ සමග 12,000 සරණාගතයන් පිරිසක් තම රට වෙතද බාරගන්නා බව ඔස්ට්‍රේලියාව පැවසීය.

කෙසේ වෙතත්, පසුගියදා ප්‍රංශ ප්‍රහාරයට සම්බන්ධ වූ ප්‍රහාරකයෙකු සරණාගතයන් අතර සැඟවී පැමිණි අයෙකු බව සැලවීමත් සමග මේ වනවිට සංක්‍රමණික සරණාගතයන් බාරගැනීම සම්බන්ධයෙන් බොහෝ රටවල් දෙගිඩියාවකින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.



Recommended Articles