ප්‍රංශයේ ඉස්ලාමීය අන්තවාදීන් සොයා සොදිසි මෙහෙයුම්


පැරීසියට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ප්‍රහාරයත් සමග රට පුරා ඉස්ලාම් අන්තවාදීන් සොයා සොදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, මේ වනවිට රට පුරා දියත් කර ඇති සෝදිසි හා වැටලීම්වලින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ආයුධ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ප්‍රංශ බලධාරීන් පවසන්නේ මෙසේ අත්අඩංගුවට ගත් 23 දෙනා ඉස්ලාමීය අන්තවාදී සටන්කරුවන් හෝ ඔවුන්ට සහයෝගය දක්වන්නන් බවට සැක කරන බවයි.

මේ සමගම යුරෝපය පුරාද දැඩි රැකවල් යොදමින් සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ. ඒ අනුව, බෙල්ජියමේ, බ්‍රසල්ස් නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එක් පුද්ගලයෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles