නිව්යෝක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඉලක්ක කර පොරෝ පහර එල්ල කර තිබූ පුද්ගලයා ඉස්ලාම් ලබ්ධිය වැළඳෙගෙන පසුව අන්තවාදීයෙකු බවට පත්වූවෙකු ලෙස හඳුනාගෙන තිබේ.
සාලේ තොම්සන් නමැති 32 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු විසින් පොරෝ පහර එල්ල කර තිබූ එක් නිලධාරියෙකුගේ තත්ත්වය බරපතල බව කියයි.
මෙම සිදුවීම අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතත් ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවද එරටින් වාර්තා වෙයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ මෙම පුද්ගලයා මුර රාජකාරීන්වල යෙදුණු පොලිස් නිලධාරීන්වම ඉලක්ක කළ බවයි.
ඔහු පොලිස් නිලධාරීන් දෙදෙනා වෙත කඩා පනිමින් අත් දෙකෙන්ම පොරොව මාරු කරමින් පහර දුන් බව ඔවුහු පවසති.
පොරෝ පහරක් හිසට වැදුනු 25 හැවිරිදි කෙනෙත් හිලි නමැති පොලිස් නිලධාරියාගේ තත්ත්වය බරපතල බව කියයි. අනෙක් නිලධාරියාගේ අතට පොරෝ පහර වැදී තිබේ.