නැගෙනහිර යුක්රේනයේ පවතින ගැටුම් නැවැත්වීම වෙනුවෙන් රුසියාව සමග එළැඹෙන සාම ගිවිසුම සාර්ථක වනු ඇති බවට යුක්රේන ජනාධිපති පේට්රො පෙරොෂෙන්කෝ විශ්වාසය පළ කරයි.
යුක්රේනය, රුසියාව සහ රුසියානු හිතවාදී කැරලිකරුවන් බෙලරූස් රාජ්‍යයේදී හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, අලුත්ම වාර්තාවන්ට අනුව කියවෙන්නේ සාකච්ඡාවට පැමිණෙන අතරවාරයේ පවා මැරියුපෝල් නගරය ආශ්‍රිතව ෂෙල් ප්‍රහාර වාර්තා වූ බවයි.
මේ අතර, මෙම සාකච්ඡා ඵල රහිත වුවහොත් රුසියාවට එරෙහිව සම්බාධක වැඩි කිරීම වෙනුවෙන් මේ වනවිටත් බටහිර රටවල් අරඅඳිමින් සිටියි.
ඔවුන් මේ වනවිට නේටෝ සමුළුවේ දෙවැනි දිනය වෙනුවෙන් වේල්සය වෙත පැමිණ සිටී.