නවසීලන්ත ගෝත්‍රිකයන් දැක කේට්ගේ අැස් උඩයයි


බ්‍රිතාන්‍යයේ අලුත උපන් ජෝර්ජ් කුමාරයාවත් අරගෙන විලියම් කුමරුයි, කේට් කුමරියයි තම නිල විදෙස් සංචාරය අරඹමින් මුලින්ම ගොඩබැස්සෙ නවසීලන්තයට.

ඒ වෙලාවෙ, එරට රාජ්‍ය නායකයන් වගේම, රාජකීය යුවල පිළිගන්න ඇවිත් හිටිය නවසීලන්තෙ මඕරි ගෝත්‍රයට අයත් පාරම්පරික ගෝත්‍රික විරුවන්ව නම්, කේට් කුමරියට කොහෙත්ම අමතක කරන්න බැරිවෙයි කියලයි කතාව.

රාජකීය පවුල බොහොම සාදරයෙන් පිළිගත්තු මඕරි ගෝත්‍රික පිරිසේ හැඩිදැඩි විරුවෙක් තමයි මුලින්ම කේට් කුමරියට මුණ ගැහුනෙ.

ඇඟ පුරාම පච්චා කොටාගෙන, ඔවුන්ටම ආවේණික අමුඩයක් ඇඳගෙන, හෙල්ලකුත් අතින් අරන් හිටිය මේ ආයෝමය ගෝත්‍රික විරුවා දෙස ටිකක් උනන්දුවෙන් බලන්න කේට් අමතක කළේ නෑ.

රාජකීය යුවල පිළිගැනීමේ උත්සවයේ මේ සුවිශේෂී පිළිගැනීම හා කුමරිය ආයෝමය මඕරි පුරුෂයා දෙස දෑස් විදහා බලා සිටින ඡායාරූපවලට ලොව පුරා මාධ්‍යවල ලොකු ඉඩක් වෙන් වුනේ ඔය අතරතුරෙයි.

ඒ වගේම, මඕරි සම්ප්‍රදායට අනුව, ඔවුන්ගේ පිළිගැනීම නැහැයට නැහැය තබා කරන ආචාරයක් සමගත් සිදුවුණා. කුමරියත් මඕරි නායකයෙකුගේ නැහැයට නැහැය තබා ඒ උණුසුම් පිළිගැනීම භාරගත්තා.

තවමත් මාස අටක් වයසැති ජෝර්ජ් සිඟිත්තා සිය මව වන කේට් කුමරියගේ දෑතේ සිටිමින් ගුවන් යානයෙන් බිමට බහින අයුරු දැක්වෙන ඡායාරූප පෙළටත් විදෙස් මාධ්‍යවල ලැබුනේ අසීමිත ප්‍රචාරයක් බවත් නොකියා බෑ.







 



Recommended Articles