නරේන්ද්‍ර මෝඩිට එරෙහිව ඉන්දීය කලාකරුවන් පිරිසක් අවි අමෝරති


නරේන්ද්‍ර මෝඩි ඉන්දීය අගමැතිවරයා ලෙස තේරී පත්වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ඉන්දීය කලාකරුවන් සහ උගතුන් කිහිප දෙනෙකු බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට විශේෂ ලිපියක් සපයා ඇති බව වාර්තා වෙයි.

හින්දු ජාතිකවාදී දේශපාලනඥයෙකු ලෙස හඳුන්වා දී ඇති නරේන්ද්‍ර මෝඩි පිළිබඳව එම පුවත්පතේ පළවූ ලිපියට අත්සන් තබා ඇති කලාකරුවන් අතර ලෝක ප්‍රකට ඉන්දීය ලේඛක සල්මන් රුෂ්ඩි සහ මුර්ති ශිල්පී අනිෂ් කපූර් ද සිටින බව කියැවෙයි.

එම ලිපියෙන් පෙන්වාදී ඇත්තේ නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැතිවරයා වුවහොත් විවිධ ජනවර්ගයන්ට අයත් ප්‍රජාවන්ට ගරු කරන ඉන්දියාවේ අනාගතයට අනිටු විපාකයක් ගෙනදිය හැකි බවය.

කෙසේ වෙතත් මේ වනවිට ලැබෙන පුරෝකථනයන්ට අනුව ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි තේරී පත් වනු ඇති බවට විශ්වාසයක් පවතී.

 



Recommended Articles