නයිජීරියානු ගුවන් හමුදාව වැරදීමකින් එල්ලකළ ප්‍රහාරයක් නිසා සාමාන්‍ය වැසියන් 50ක් මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
කැමරූන් රාජ්‍ය හා නයිජීරියාව වෙන්කරන දේශසීමා ආසන්නයේ මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, නයිජීරියාව එරට ක්‍රියාත්මක බොකෝ හරාම් ත්‍රස්තයන්ට එරෙහිව මෙම මෙහෙයුම් දියත් කරමින් සිටියි.
එරට හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ලකී ඉරාබෝර් පවසන්නේ ගුවන් නියමුවා අත්වැරදීමකින් සතුරන් යැයි සිතා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙම මෙහෙයුම බුද්ධි තොරතුරු මත පිහිටා සිදුකළ ප්‍රහාරයක් බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම ප්‍රහාරය පිළිබඳව සිය බලවත් කනගාටුව ජනාධිපති මුහම්මදු බුහාරි විසින් මියගිය අයගේ ඥාතීන් වෙත පළකර ඇති අතර, සන්සුන්ව සිටින ලෙසද ඉල්ලා තිබේ.