දුර්ලභ උරංඋටං මව හා පැටවා බේරාගනී


ලැව් ගින්නකින් බේරී පළා යමින් සිටි ඉන්දුනීසියාවේ දුර්ලභ බොරේනෝ උරංඋටං සත්වයෙකු හා උගේ පැටියා බේරාගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබේ.

මන්දපෝෂණ තත්ත්වයෙන් සිටි උරංඋටං මව සහ පැටවා බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක් ගැනීමට සිදුවූ බව එම නිලධාරීන් පවසයි.

දැඩි වෙහෙසට පත්ව සිටි උරංඋටං දුටු ගම්වාසීන් එම සත්වයා වෙත ගල්මුල්වලින් පහර දෙමින් එම සත්වයන් අල්ලා ගැනීමට උත්සාහ කර ඇති බව කියැවෙයි.

කෙසේ වෙතත්, වනජීවී නිලධාරීන්ගේ පැමිණිමෙන් පසු ආරක්ෂිතව මෙම සතුන් අල්ලා ගැනීමට හැකිවී ඇති අතර, මවු සත්වයාගේ කෘශ ශරීරයේ තුවාල කිහිපයක් පැවති බවද කියයි.

ලැව්ගිනි හේතුවෙන් ආහාර නොලැබීම හේතුවෙන් මෙම සතුන් බොහෝ අවස්ථාවල ගම්වදින බවද කියැවෙයි.



Recommended Articles