තායිවානයේ වින්දන උද්‍යාන පිපිරීමෙන් 500ක් තුවාලයි


තායිවානයේ වෝටර් පාක් වින්දන උද්‍යානයේ වර්ණ ගැන්වූ කුඩක් හේතුවෙන් සිදුවූ පිපිරීමක් සමග ගිනි ජාලාවක් හටගැනීමෙන් පුද්ගලයන් 516 ක් තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන්ගෙන් 183 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ඉන් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව කියැවෙයි.

වින්දන උද්‍යානයේ වේදිකාවකට ඉහළින් මෙම පිපිරීම හා ගිනිගැනීම සිදුව ඇති අතර, ගින්න වහාම මැඩපැවැතවීමට හැකි වුවත්, ඒ වනවිටත් විශාල පිරිසක් ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා තිබුණි.

ගින්නෙන් තුවාල ලැබූ වැඩි පිරිස වයස අවුරුදු 20 ගණන්වල තරුණ තරුණියන් බවද වාර්තා වෙයි.



Recommended Articles