තායිලන්ත විරුද්ධ පක්ෂ රැළියට විවෘත වෙඩි ප්‍රහාරයක්


තායිලන්තයේ, බැංකොක් අගනුවර රජයට එරෙහි විපක්ෂයේ විරෝධතා රැළියකට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඊයේ (11දා) එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවද පැවසෙයි. තායිලන්ත විරුද්ධ පක්ෂ පසුගිය නොවැම්බර් මාසයේ සිට එරට අගමැතිනී යින්ග්ලක් ෂිනවත්‍රා ධුරයෙන් පහ කිරීම සඳහා විරෝධතා ව්‍යාපාරයක නිරත වෙයි.

එරට රජය විසින් ලබන මස ලහිලහියේ පැවැත්වීමට සැරසෙන මැතිවරණය නැවැත්වීම ඊයේ පැවති විරෝධතා රැළියේ අරමුණ වි තිබේ. මෙම තත්ත්වය හමුවේ එරට ආරක්ෂක අංශවල දෙකඩවීමක්ද පවතින බව වැඩිදුරටත් වාර්තා වෙයි.



Recommended Articles