මීට මාස කිහිපයකට පෙර තායිවානයේ තායිපේ නගරයේදී අනතුරට පත් ට්‍රාන්ස්ඒෂියා ගුවන් යානයේ අනතුරට හේතුව ගුවන් නියමුවා වැරදීමකින් ක්‍රියාත්මක තත්ත්වයේ පැවති එන්ජිම නිවා දැමීම බව අනාවරණය වෙයි.
මෙම ගුවන් අනතුරින් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මියගිය පිරිසේ ගුවන් නියමුවා මෙන්ම සහාය නියමුවාද වූහ.
යානයේ කළු පෙට්ටිය ආශ්‍රිතව සිදුකළ පරීක්ෂණවලදී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර, යානයේ අක්‍රීය එන්ජිමේ සුවිචය වෙනුවට, ක්‍රියාත්මක තත්ත්වයේ පැවති එන්ජිමේ සුවිචය ගුවන් නියමුවා මෙහිදී වැරදීමකින් නිවා දමා ඇති බව ඉන් පැහැදිලි විය.
එහිදී, යානයේ ක්‍රියාත්මක එන්ජිම නිවා දැමීමෙන් සුළු මොහොතකට පසුව යානය අසල ගංඟාවට කඩා වැටෙන හඬද පැහැදිලිව කළු පෙට්ටියෙහි පටිගත වී ඇති බව කියැවෙයි.

