ඇෆ්ගනිස්තානයේ, තලේබාන් අත්අඩංගුවේ සිට මුදවා ගැනුණු ඇමෙරිකානු සෙබල බෝවෙ බර්ග්ඩාල්ගේ දෙමාපියන් වෙත ඊමේල් මගින් මරණීය තර්ජන එල්ල කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
ඇමෙරිකානු පොලීසිය පෙන්වා දෙන පරිදි හමුදා නිලධාරියාගේ පියා වෙත ලැබුණු ඊමේල් පණිවුඩ හතරක් පිළිබද මේ වනවිට පරීක්ෂණ අරඹා තිබේ.
මේ අතර, තලේබාන් ග්‍රහණයෙන් මුදා ගැනුණු හමුදා සොල්දාදුවා පවසා ඇත්තේ ඔහුව අල්ලා ගත් පිරිස් තමන්ව සති ගණන් අඳුරු කුටියක සිරකර තැබූ බවයි.
කෙසේ වෙතත් මෙම සොල්දාදුවා වීරයෙක්ද, එසේ නොමැති නම් හමුදාවෙන් පැන යාම හේතුවෙන් තලේබාන් ග්‍රහණයට ලක්වූවෙකුද යන පැනය මත ඔහු සම්බන්ධයෙන් ඇමෙරිකානු මතය බෙදී ඇති බවද කියැවෙයි.
එමෙන්ම, ඔහුගේ පැමිණීම වෙනුවෙන් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයද අවලංගු කෙරුණේ මෙවැනි වටපිටාවකය.
මීට අමතරව, ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් තලේබාන් සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් පස් දෙනෙකු නිදහස් කිරීමත්, ඔවුන් මේ වනවිට කටාරයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව කියවීමත් තුළ සොල්දාදුවා මුදාගැනීම සම්බන්ධ මතය විවාදයට තුඩුදී තිබේ.