ගෝල්ඩන් ග්ලේබ් සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍ර වූ මෙරිල් ස්ට්‍රීප් තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයට ඔහු ප්‍රතිචාර දක්වා තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති ට්‍රප්ම් පවසන්නේ හොලිවුඩයේ අධික අගයක් ඇති නිළියක වන මෙරිල් ස්ට්‍රීප් තමාව හරි හැටි නොදැන, සම්මාන රාත්‍රියේදී තමාට බැණ වැදී ඇති බවයි.
ඇය විශාල පරාජයක් ලැබූ හිලරිගේ බොරු ප්‍රශංසාකාරියක බවද ට්‍රම්ප් පවසා ඇත.
තෙවරක් ඔස්කාර් සම්මාන ලැබූ මෙම නිළිය සම්මාන ලබාගැනීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් තේරීපත් ජනපතිවරයාව දැඩි දෝෂ දර්ශනයකට ලක්කර තිබුණේ ඔහුගේ නම සඳහන් කිරීමකින් තොරවය.
පසුගිය වසරේදී දුටු සුවිශේෂී රංගනයකින් තමා පුදුමයට පත්වූ බව පවසා තිබූ ඇය, වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එය තම හදවතේ රැඳුනේ එම රංගනයේ වූ විශිෂ්ටත්වය නිසා නොව, එමගින් ප්‍රේක්ෂකයා සිනහ සාගරයක ගිල්වූ නිසා බවයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණය අවසන්ව, ඔබාමා ධුරයෙන් ඉවත් වෙමින් නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ දිවුරුම් දීමට ඉතා කෙටි කාලයක් පැවතියත්, තවමත් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් විරෝධතාව එලෙසින්ම පවතී.
මින් පෙර ඇමෙරිකානු ඉතිහාසයේ දැකිය නොහැකි වූ තරමේ දේශපාලන විරුද්ධවාදීකමක් මෙවර මැතිවරණයට පෙරත්, මැතිවරණයෙන් පසුවත් දැකිය හැකි බවද දේශපාලන විචාරකයෝ පවසති.