ඇමෝනියා වායුව කාන්දුවීමක් පිළිබඳ සැකයක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇමෙරිකානු කොටසින් ගගනගාමීන් ඉවත් කරගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් නාසා බලධාරීන් මේ වනවිට පවසන්නේ සංවේදකයක දෝෂයක් හේතුවෙන් සිසිලන පද්ධතියේ කාන්දුව පිළිබඳ වැරදි තොරතුරක් ලැබී ඇති බවයි.
මේ අතර, රුසියානු අභ්යීවකාශ ඒජන්සිය අවධාරණය කර තිබුණේ ගගනගාමීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවයි.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ඇමෙරිකානු හා රුසියානු ගගනාමීන් එක්ව කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් පියවර ගත් බවයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගෑස් කාන්දුවක්?
Recommended Articles