ජර්මනියේ මාර්කල් බ්‍රිතාන්‍ය දීගයක යයි


ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කල් අද (27දා) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ යුරෝපයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇය තවදුරටත් බ්‍රිතාන්‍ය සමග කිට්ටු සම්බන්ධතාවක් පවත්වා ගන්නා බවයි.

එම ඓතිහාසික කතාවේදී ජර්මානු චාන්සලර්වරිය අවධාරණය කළේ මහා බ්‍රිතාන්‍ය හා ජර්මනිය එක්ව ශක්තිමත් හා තරගකාරී යුරෝපා සංගමයක් සඳහා වූ ඉලක්ක වෙත යා යුතු බවයි.

එක්සත්ව හා අධිෂ්ඨානශීලීව කටයුතු කළහොත් මේ රටවල් ද්විත්වයට ලෝකයේ සෙසු රටවල් අතර පහන් කණුවක් ලෙස බැබලිය හැකි බව ඇය අවධාරණය කළාය.

කෙසේ වෙතත් යුරෝපා සංගමය තුළ සිදුකරන ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි කතාබහක නොයෙදුණු ඇය එය පියවරෙන් පියවර සිදුවන්නක් බවද පවසා සිටියාය.

මේ අතර, ජර්මානු චාන්සල්වරිය බ්‍රිතාන්‍යයේ යෙදුණු දිනක සංචාරයේදී එරට අගමැති ඩේවිඩ් කැමරන් සියලු වැඩකටයුතු නවතා දමා ඇය පිළිගැනීමට මහත් උනන්දුවෙන් බලා සිටි බව පැවසෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, යුරෝපය වෙත වූ කැමරන්ගේ යොමුවේ වඩාත් වැදගත් රාජ්‍ය නායකයෙකු ලෙස මාර්කල් සඳහන් කළ හැකි බවයි.  



Recommended Articles