මැතිවරණ කල් දැමීමට එරෙහිව පැවති බලවත් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් හයිටි අගමැතිවරයා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
මගේ වගකීම ඉටුකළා යැයි යන හැඟීම ඇතිව අද මා අගමැති ධුරයෙන් ඉවත්ව යනවා යැයි රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් අගමැති ලෝරන්ට් ලමෝතේ පවසා සිටියේය.
උද්ඝෝෂකයන් එරට ජනාධිපති මිෂෙල් මාටෙලි හා අගමැති ලෝරන්ට් වෙත සිය ධුරවලින් ඉවත්වෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කළහ.
2011 වසරේදී මැතිවරණයක් කැඳවීමට තිබුණත්, එරට මැතිවරණ නීති අනුව අගමැතිවරයා මැතිවරණය කල් දැමීය.