ඉන්දියාවේ චෙන්නායි වෙත බලපෑ අයහපත් කාලගුණයෙන් පසුව ඇති වූ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යෑමත් සමග බිඳ වැටී තිබූ විදුලි සැපයුම් යළි යථාතත්ත්වයට පත්කරන බව ප්‍රාන්ත බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් තාවකාලික වාසස්ථානවල දිවිගෙවන ජනතාවට අවශ්‍ය ආහාර හා සෞඛ්‍ය පහසුකම් සැපයීමේ දැවැන්ත සහන මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවද කියැවෙයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ග මෙන්ම චෙන්නායි ප්‍රධාන ගුවන් තොටුපොළද ජලයෙන් යටවූ අතර, ගුවන් තොටුපොළ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
මෙම ශතවර්ෂයේ ඉන්දියාවේ චෙන්නායි ආශ්‍රිතව බලපෑ දරුණුම වර්ෂාපතනයෙන් පුද්ගලයන් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.