දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුකෙරෙන ගොන්පොර තහනම් කිරීමට එරෙහිව විරෝධතාවක් පැනනැගී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, චෙන්නායි නගරයට රැස්වූ 40,000ක පමණ පිරිසක් මෙම ගොන්පොර තහනමට එරෙහිව විරෝධතාවක් පවත්වා තිබේ.
ජල්ලිකට්ටු නමින් හැඳින්වෙන පාරම්පරික ගොන්පොර හෙවත් කුලප්පු වූ ගොනෙකු දමනය කරගන්නා ක්‍රීඩාව මෙම ප්‍රාන්තය තුළ දැඩි ප්‍රසිද්ධියක් උසුලන බවත්, එය ප්‍රාන්තයේ අනන්‍යතාව බවත් විරෝධතාකරුවෝ පවසති.
කෙසේ වෙතත්, සත්ව අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන විසින් ගොනුකොළ පෙත්සමකට අනුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2014 වසරේදී මීට තහනමක් පැනවූ අතර, 2016 වසරේදී එම තහනම තවදුරටත් දීර්ඝ කළේය.
මෙම ජල්ලිකට්ටු ගොන්පොර ක්‍රීඩාවේදී ගොනුන්ට වදහිංසාවක් ඇතිවනවා සේම, මෙම ක්‍රීඩා තරග නැරඹීමට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවද මෙම පොරයන්ට මැදිවී එකිනෙකාට පෑගී මියගිය හා තුවාල ලැබූ අවස්ථා රැසක් වාර්තා වන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.