ගැම්බියා ජනපති බලය අත්හැරීමට සූදානම් නෑ


ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරමින් සිටින ගැම්බියා ජනපති යහ්යා ජෙම්මෙහ් සිය ධුරයට සමුදිය යුතු කාලය තවත් දින 90ක් දක්වා දීර්ඝ කිරීමට එරට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.

බටහිර අප්‍රිකාවේ මෙම කුඩා රාජ්‍ය තුළ දින 90ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා වූ ජනාධිපතිවරයාගේ යෝජනාවටද පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබේ.

කෙසේ වෙතත්, පසුගියදා පැවති මැතිවරණයෙන් ජයග්‍රහනය ලැබූ අඩමා බැරොව් වෙත බලය හුවමාරු කිරීමට ජෙම්මෙහ් අසමත් වුවහොත්, ගැම්බියාවට එරෙහිව හමුදා බලය ක්‍රියාත්මක කරන බවට කලාපයේ රාජ්‍ය නායකයන් රැසක් දැනටමත් තර්ජනය කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.

සුන්දර වෙරළ තීරයන්වලට ප්‍රසිද්ධියක් උසුලන ගැම්බියාවේ රැඳී සිටි සංචාරකයන් රැසක් මේ අවිනිශ්චිත තත්ත්වය හමුවේ එරටින් ඉවත්ව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles