ගැබ්මියා ජනපති බැරොව් සෙනගාලයේදී දිවුරුම් දෙයි


ගැම්බියා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ ඇඩමා බැරොව් සෙනගාල් රාජ්‍යයේ පිහිටි සිය රටේ තානාපති  කාර්යාලයේ සිට ජනාධිපති ධුරයේ දිව්රුම් දීමට සූදානමින් සිටියි.

බැරොව් සිය සමාජජාල ගිණුමක් හරහා මෙම තොරතුරු අනාවරණය කර තිබුණේ, ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව වත්මන් ජනපති යෙහ්යා ජම්මෙහ් තවදුරටත් බලයේ රැඳී සිටිමින් ඔහුට පාලන බලය හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමගිනි.

ගැම්බියාවේ ඇතිවී තිබෙන මෙම තත්ත්වය සමනය කිරීම සඳහා අසල්වාසී රාජ්‍යයන් රැසක් මැදිහත් වී සිටින අතර, ඇතැම් රටවල් පවසා තිබුණේ මෙය සාමකාමීව විසඳා ගැනීමට අපොහොසත් වුවහොත් හමුදා බලයක් පවා යෙදවීමට කටයුතු කරන බවයි.

ඒ අනුව, මේ වනවිටත් සෙනගාලයට අයත් හමුදා ගැම්බියාවේ දේශසීමා ආසන්නයේ රඳවා තබා ඇති අතර, නයිජීරියාවද මෙවැනි හමුදා ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් සූදානමින් සිටියි.

පසුගිය ඉරිදා දිනයේදී සෙනගාලය වෙත ගිය බැරොව් අප්‍රිකානු නායකයන්ගේ ඇරයුමින් සිදුවූ සමුළුවකට සහභාගී වීම සඳහාය. එම අප්‍රිකානු නායකයන් බැරොව් එරට ජනාධිපතිවරයා ලෙස දැනටමත් පිළිගෙන ඇත.

මේ තත්ත්වය තුළ ගැම්බියාවේ සාමකාමී තත්ත්වය බිඳ වැටෙමින් රටේ කලහකාරී පසුබිමක් ඇතිවේයැයි බියෙන් බොහෝ සංචාරකයන් පවා මේ වනවිට ගැම්බියාව අත්හැර ගොස් ඇති අතර, තවත් පිරිස් අසල සෙනගාලයේ රැකවරණය පවා ඉල්ලා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.  



Recommended Articles