තම ගවයාගේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් නඩු මාර්ගකට පිවිසි ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කාන්තාවකට DNA පරීක්ෂණයකින් පසුව ගවයාගේ අයිතිය හිමිවූ සුවිශේෂී පුවතක් වාර්තා වෙයි.
සෂිලේඛා නමැති මෙම කාන්තාව තම අසල්වාසී ගීතා නමැත්තිය ගවයා සොරාගෙන ඇති බව පවසමින් මෙම චෝදනාව කර ඇති අතර, පසුව එය අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා දුරදිග ගොස් තිබේ.
අවසානයේදී මේ අවනඩුව බේරීම සඳහා ගවයාවද උසාවි භූමියට කැඳවීමට විනිසුරුවරයා කටයුතු කර තිබේ.
එහිදී, ගවයාගේ නියම අයිතිකරු සොයා බැලීමට ගවයා සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණය තීරණය කර ඇති අතර, ගවයෙකුගේ අයිතිය වෙනුවෙන් ඉන්දීය ඉතිහාසයේ DNA පරීක්ෂණයක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙසද මේ අවස්ථාව ඉතිහාසගත වී තිබේ.