කැලිෆෝනියා අහසේ අභිරහස් එළියෙන් කලබලයක්


ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉහළ අහසේ රාත්‍රී කාලයේ ගමන් කළ දීප්තිමත් ආලෝකයක් නිසා එම ජනතාව කලබල වී තිබේ.

ඉතා වේගයෙන් ගමන් කළ මෙම ආලෝකය අන්තර්ජාල හා සමාජජාල අඩවිවල වේගයෙන් පැතිරීමත් සමග ජනතාව අතර කලබලය උත්සන්න වී තිබේ.

කෙසේ වෙතත්, මේ කලබලය මැඬපැවැත්වීම සඳහා වහාම කටයුතු කළ බලධාරීන් මෙය සාගරයේ වූ ඇමෙරිකානු නෞකාවක සිට එල්ල කළ මිසයිල ප්‍රහාරයක් බවත්, එය අත්හදා බැලීමක් ලෙස එල්ල කළ මිසයිලයක් බවත් කියවුණි.

කෙසේ වෙතත්. මේ ආලෝකය පිළිබඳව පෙර අවබෝධයක් නොතිබීම හේතුවෙන් ලොස් ඇන්ජලීස් නුවර ඇතැම් ගුවන් ගමන් පවා අත්හිටුවා ඇති බව කියැවෙයි.

ඉස්ලාම් අන්තවාදය බටහිර රටවල් ඉලක්ක කරන ප්‍රහාර බිය හේතුවෙන් මෙම කලබලයේ පුදුමයක් නොමැති බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles