ක්‍රිමියාවේ ඒකාබද්ධයට එරෙහිව G7 රුසියාවට අනතුරු අඟවයි


යුක්රේනයේ ක්‍රිමියා කලාපය රුසියාවට ඈඳා ගැනීමේ ක්‍රියාවලිය වලක්වා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම යොදන ලෙස G7 කණ්ඩායමේ රාජ්‍ය නායකයන් විසින් රුසියාවට අනතුරු ඇඟවීමක් කරන ලදී.

යම් ලෙසකින් රුසියාව එවැනි ක්‍රියාමාර්ගයකට පිවිසුණහොත් G 7 කණ්ඩායමේ රටවල් ලෙස තනි තනිවත්, ඒකාබද්ධවත් ඔවුන් විසින්ද පියවර ගනු ඇති බවට ඒ අනතුරු ඇඟවීම සිදුව තිබේ.

එමෙන්ම, රුසියාව සමග ඒකාබද්ධ වෙනවාද, නැද්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් මෙම සතිය අවසානයේදී ක්‍රිමියා කලාපයේ ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් තමන් නොදකින බවද G 7 කණ්ඩායම අවධාරණය කරයි.

මේ අතර, යුක්රේනයේ ජාතික ආරක්ෂක ප්‍රධානියා අනතුරු ඇඟවීමක් කරන්නේ යුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා විශාල වශයෙන් කඳවුරු බඳින බවටය.

යුක්රේනයේ නැගෙනහිර සහ දකුණු දේශසීමා ආසන්නයේ හමුදා පුහුණුවීම් වෙනුවෙන් යොදවා තිබූ රුසියානු හමුදා නැවත ඒ සීමාවෙන් ඉවත් කර ගැනීමේ උවමනාවක් මොස්කව් පාලනයට නොමැති බවද හෙතෙම පවසා තිබේ.



Recommended Articles