ඒරියෙල් ෂැරෝන් මිහිදන් කෙරේ


තම ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් කැප වුණු ඊශ්‍රායල් හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ඒරියෙල් ෂැරෝන් මහතාගේ දේහය ඊයේ (13දා) සිය පවුලේ සුසාන භූමියේදී මිහිදන් කෙරිණි.

ඒරියල් ෂැරෝන්ගේ අවමංගල්‍ය උත්සවය ඊයේ ජෙරුසලමේ එරට පාර්ලිමේන්තුගොඩනැගිල්ල ඉදිරිපිටදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත ඊශ්‍රායල ජනතාවක් පැමිණි බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

අවමංගල්‍ය උත්සවයත් භූමදාන කටයුතුත් සිදුවෙන කාලසීමාවේදී ජෙරුසලම ඇතුළු ඊශ්‍රායලය පුරා ආරක්ෂාව තර කර තිබිණි.

අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව දේහය රැගත් හමුදා රථ පෙරහර නෙගෙව් කාන්තාර භූමියේ ස්ටෙරොට්හි පිහිටි ෂැරෝන් පවුලේ සුසාන භූමිය වෙත රැගෙන ගිය අතර, එහිදී ෂැරෝන්ගේ බිරිඳ භූමදාන කර තිබූ සොහොන ආසන්නයේ ඔහුගේ දේහයත් පූර්ණ හමුදා ගෞරව සහිතව භූමදාන කෙරීම සිදු කෙරිණි.

මේ පිළිබඳ වැඩි විස්තර හෙට (14දා) අද පත්තරෙන්...



Recommended Articles