ඊජිප්තු ගැටුම් අතරතුර විශ්විද්‍යාලයකට ගිනි තබයි


ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් සහ පොලිසිය අතර  ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයත් සමගම එරට කයිරෝ නුවර පිහිටි අල්-අෂාර් විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකටද ගිනි තබා ඇතැයි වාර්තාවෙයි. මෙම අවස්ථාවේදී එල්ල වුණු ප්‍රහාරයකින් එක් විශ්වවිද්‍යාල සිසුවෙකුද මරණයට පත්විය. මෙම ගැටුම්වලින් පසුව 101 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලසිය පවසයි. සෙනසුරාදා සවස් වෙද්දී ගින්න පාලනය කිරීමට හැකි වූ අතර එහි පැවැත්වීමට නියමිතව තිබූ විභාග කීපයක්ම කල්දැමූ බව විශ්වවිද්‍යාල බලධාරිහු සඳහන් කරති.



Recommended Articles