ඉන්දියාවේ ව්‍යාඝ්‍ර ගහණය අඩුවීම ගැන දත්ත හංඟලාලු


ඉන්දියාවේ ව්‍යාඝ්‍ර ගහණය ශීඝ්‍රයෙන් අඩුවීමේ ප්‍රවණතාවක් පැවතියත් එය ලෝකයෙන් වසන් කරතැබීමට කටයුතු කිරීම ගැන එරට පරිසරවේදීහු රජයට චෝදනා කරති.

ඔවුන් පෙන්වාදෙන දත්තයන්ට අනුව පසුගිය වසරේදී ව්‍යාඝ්‍රයන් 67 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මින් බහුතරයක් ව්‍යාඝ්‍ර - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ජීවිතයෙන් සමුගෙන ඇති අතර, සෙසු ව්‍යාඝ්‍රයන් දඩයම්කරුවන්ගේ ග්‍රහණයට හසුවීමෙන් මියගොස් තිබේ.

මෙතරම් සංවේදී කාරණයකදී විනිවිදභාවයක් පැවතිය යුතු බව පරිසරවේදීහු පවසති.

ලෝකයේ ජීවත්වන ව්‍යාඝ්‍රයන්ගෙන් 60%කට පමණ නිජබිම වී ඇත්තේ ඉන්දියාවයි. නමුත්, උන්ගේ වාසභූමි අහිමිවීම, ව්‍යාඝ්‍ර ශරීර කොටස් සඳහා ආසියානු හා චීන වෙළෙඳ පොළ තුළ ඉහළ ඉල්ලුමක් පැවතීම යන කාරණා හේතුවෙන් එම සත්ව ගහණය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව කියැවෙයි.



Recommended Articles