ඇෆ්ගන් පාර්ලිමේන්තුව ළඟ දරුණු බෝම්බ ප්‍රහාරයක්


ඇෆ්ගනිස්තාන, කාබුල් නුවර පාර්ලිමේන්තුව ආසන්නයේ සිදුව ඇති දරුණු පිපිරීම් දෙකකින් පුද්ගලයන් 22 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයන් 70 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

අතිශය කාර්ය බහුල අවස්ථාවකදී මෙම ද්විත්ව බෝම්බ පිපිරීම සිදුව ඇති අතර, මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු සේවකයන් ඉන් ඉවත්ව නිවෙස් බලා යමින් සිටි වේලාවක් බවද කියයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින්වත් භාරගෙන නොමැත.

ප්‍රහාරයෙන් මියගිය වැඩි පිරිසක් සාමාන්‍ය වැසියන් වන අතර, ඒ අතර පාර්ලිමේන්තු සේවකයන්ද සිටින බව ඔවුහු පවසති.

වාර්තාවන්ට අනුව මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු හා කාර් බෝම්බයක් ලෙස මෙම පිපිරීම් සිදුව තිබේ.



Recommended Articles