ඇමෙරිකාව දිනකට SMS මිලියන 200ක් එකතු කරලා


ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ඒජන්සිය (NSA) විසින් දිනකට කෙටි පණිවුඩ මිලියන 200ක් පමණ ලොවපුරා රටවලින් එකතු කිරීම හා තැන්පත් කිරීම සිදුකර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවක් පෙන්වා දෙයි.

ඇමෙරිකානු ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත්‍රාත්කරුවෙකු වූ එඩ්වඩ් ස්නෝව්ඩන් විසින් සිදුකර ඇති නවතව හෙළිදරව්වක් පදනම් කරගනිමින් එරට ගාඩියන් පුවත්පත මෙම අනාවරණය කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බී.බී.සී.ය කළ විමසීමකදී ඇමෙරිකානු ආරක්ෂක ඒජන්සිය පෙන්වාදී ඇත්තේ ඔවුන් මෙම වැඩසටහන හරහා තැන්පත් කරගෙන ඇත්තේ නීත්‍යනුකූලව එකතු කළ කෙටි පණිවුඩ දත්ත පමණක් බවයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරඇත්තේ මේ වාර්තාවන් හරහා ඇමෙරිකානු ආරක්ෂක ඒජන්සිය විසින් බලහත්කාරයෙන් හා අත්තනෝමතික ලෙස දත්ත එකතු කිරීමක් හැඟවෙන බවයි. නමුත්, එය වැරදි තර්කයක් බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වාදි තිබේ. 



Recommended Articles