ඇමෙරිකාවේ සාප්පු සවාරි බෝම්බ බියෙන් ඇලලීයයි


ඇමෙරිකාවේ ප්‍රාන්ත තුනක ප්‍රධාන වෙළෙඳ සංකීර්ණ තුනක ඇති වූ බෝම්බ බියක් හේතුවෙන් ඒවායෙහි සාප්පු සවාරයේ යෙදී සිටි දහස් ගණන් පිරිසක් කඩිනමින් ඉවත් කිරීමට සිදුව තිබේ.

නත්තල උදාවත් සමග සති අන්ත සාප්පු සවාරියේ යෙදී සිටි පිරිස් මේ ආකාරයෙන් ඉවත් කළ බව එරට ආරක්ෂක අංශ පවසයි.

කැලිෆෝනියාවේ, සැන් බර්නාර්ඩීනෝ හිදී අඹු සැමි යුවළක් විසින් පුද්ගලයන් 14 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ ත්‍රස්ත ක්‍රියාවෙන් පසුව මේ ආකාරයෙන් මහජනයා ගැවසෙන ස්ථාන වෙත ප්‍රහාර එල්ල වීමේ බියකින් ඇමෙරිකාව පසුවෙයි.

එහිදී, හිස් සූට්කේස් එකක්, මෙන්ම බෝම්බ රඳවා ඇති බවට වූ බියක් හේතුවෙන් මේ ආකාරයෙන් ප්‍රධාන වෙළෙඳ සංකීර්ණ තුනක සාප්පු සවාරියේ යෙදී සිටිමින් සිටි පිරිස් ඉවත් කර ඇත.

 


Recommended Articles