ඇමෙරිකාවට හා කැනඩාවට බෝම්බ හිම කුණාටු බලපෑම්


උතුරු ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපයට බලපා ඇති බෝම්බ හිම කුණාටුව සමග වාර්තාගත සෘණ උෂ්ණත්වයක් නිසා දකුණු ෆ්ලොරීඩාව දක්වා වූ කලාපය හිමෙන් වැසී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකාවේ සහ කැනඩාවේ කොටසක තවදුරටත් සෙල්සියස් අංශක සෘණ 29 දක්වා උෂ්ණත්වය පහළ බසිනු ඇති බවට කාලගුණ අනාවැකි පවසයි.

කැනඩාවේ නෝවා ස්කොටියා ප්‍රදේශයේ විදුලි බලය සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට ඇති අතර, හිම කුණාටු තත්ත්වය සමග ඇති වූ වේගවත් සුළං නිසා විදුලිය බිඳ වැටී ඇත.

මේ අතර, ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපයේ සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී ඇති මංමාවත් දිනපතා පිරිසුදු කරමින් පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

බෝම්බ හිම කුණාටු තත්ත්වයකදී පෙර නොවූවිරූ ආකාරයේ හිම පතනයක් වාර්තා වන අතරම, සීත කාලගුණයද වාර්තාගත ලෙස සෘණ අගයක් ගැනීම සිදුවෙයි.

එමෙන්ම, ගංගා ඇළදොළ රැසක ජලය මිදී අයිස් බවට පත්ව ඇති අතර, මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට ඇමෙරිකාවේ පුද්ගල ජීවිත 19ක් සහ කැනඩාවේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විශේෂයෙන්ම හිම පතනය සමග ඇති වූ මාර්ග ලිස්සා යෑමෙන් සිදුවූ මාර්ග අනතුරුවලින් සිදුවූ මරණද මේ අතර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

1_Snow 2 3 4 5



Recommended Articles