ඇමෙරිකානු සෞඛ්‍ය ලේකම්වරිය ඉල්ලා අස්වෙයි


ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් ගැටලු රැසක් සමග ඉදිරිපත් කරන ලද සෞඛ්‍ය පනත හමුවේ එරට සෞඛ්‍ය ලේකම් කැත්ලීන් සෙබේලියස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම සෞඛ්‍ය පනත ඔබාමා ජනාධිපතිවරයාගේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ඔහුගේ ආධාරකරුවන් පවසා සිටියද, ආරම්භයේ සිටම එහි තාක්ෂණික ගැටලු මෙන්ම ප්‍රමාදයන් දැකගත හැකිවිය.

බරැක් ඔබාමා 2009 වසරේ ජනාධිපති ධුරයට පත්වීම්ත් සමග එරට සෞඛ්‍ය ලේකම් ධුරය නොකඩවා හෙබවූයේද සෙබේලියස් විසිනි.

කෙසේ වෙතත් සෙබේලියස්ගෙන් හිස්වන එම ධුරය වෙනුවෙන් වත්මන් භාණ්ඩාගාර අධ්‍යක්ෂ සිල්වියා මැතිව්ස් බර්වෙල් පත්කිරීමට ඔබාමා සැරසෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත පෙන්වාදෙන පරිදි සෙබේලියස් තමා විසින්ම ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව පැවසෙයි.



Recommended Articles