ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු ඇමෙරිකාවේ මිල්වවුකී නගරයේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එම නගරය පුරා ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පොලිස් අණනොතකා ධාවනය වූ මෝටර් රථයක් හඹාගොස් පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බව මිල්වවුකී පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, මෙම පුද්ගලයා මියයෑමත් සමග 100කට අධික පිරිසක් රැසව උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර, ඔවුන් විසින් නගරයේ ඇතැම් ගොඩනැගිලි, ඉන්ධන පිරවුම්හල් සහ මෝටර් රථ ගිනිබත් කර ඇති බව කියැවෙයි.
මියගිය පුද්ගලයාගේ ජාතිකත්වය සම්බන්ධයෙන් පොලීසිය කිසිවක් ප්‍රකාශ නොකළත්, ඔහු අත පැහරගත් ගිනි අවියක් පැවති බවත්, ඔහු මීට පෙර අත්අඩංගුවට ගත් තොරතුරු පවතින බවත් කියැවෙයි.
මීට පෙර ඇමෙරිකාව තුළ කළු ජාතිකයන් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක් මතුව තිබූ අතර, මෙයද එම රැල්ල ඔස්සේම යන්නක් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.